පාසලේ වාර්ෂික නිවාසාන්තර මළල ක්රීඩා සැණකෙලිය මෙවරත් අති උත්කර්ෂවත්ව පැවැත්විණි. පසුගිය වසරවලදී කෝවිඩ් තත්ත්වය නිසා ක්රීඩා උත්සවය පැවැත්වීමට බාධා
ඇතිවූ හෙයින් මෙවෙර සිසුන් ඉතා උද්යෝගයෙන් ක්රීඩා උළෙල සදහා එක්ව සිටියහ. සයුර දෙරණ ගගන යන නිවාසවලින් ක්රීඩා පිටියට අවතීර්ණ වු සිසුන් සුවිශේෂී දස්කම් තුළින් නිවාසාන්තර ක්රීඩා සැණකෙළිය වර්ණතවත් කළේය.