පාසල් නිල ඇදුම(ශිෂ්‍යයන් සදහා)
1 .අත් කොට සුදු කමිසය
2.1-9 ශ්‍රේණී සදහා නිල් කොට කලිසම
3.10-11 ශ්‍රේණි සදහා සුදු දිග කලිසම
(දී ඇති ප්‍රමිතියට අනුව ද්විත්ව මහුම් හෝ විවිධ මෝස්තර නොතිබිය යුතුය.)
බාහිර පෙනුම (ශිෂ්‍යයන් සදහා)
1.කොණ්ඩය මෝස්තර රහිතව කොටට කැපිය යුතුය.
2.හිස පීරීම රූපසටහනේ දී ඇති පරිදි
3.ලේස් සහිත කළු සපත්තු පැළදිය යුතුය
පාසල් නිල ඇදුම(ශිෂ්‍යාවන් සදහා)
1.සුදු ගවුම
2.රැල්ලක මහත අගල් එකහමාරක් විය යුතුය.
3.දණහිස සිට අගලක් පහළට දිග
4.වැලමිට ලග සිට අගල් තුනක් ඉහළින් අතේ වාටිය තිබිය යුතුය.
5.පටිය මහත අගල් එකහමාරක්
6.ගවුමේ ඇග අතේ වලමිට ලගට
7.සුදු මේස් හා කළු සපත්තු පැළදිය යුතුය.
සියලුම ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට
1.සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය.
2.හිසෙහි තෙල් හැර විවිධ ආලේපන නොගැල්විය යුතුය.
3.ඇදුම් වල නිල් ගැල්වීමේදී වියලුණු පසු විවිධ මෝස්තර නොතිබිය යුතුය.
4.මුදු මාල වලලු හෝ ඊට සමාන පලදනාවන් නොපැලදිය යුතුය.
5.උපැස් පළදින විට අදුරු නොකල රාමු මෝස්තර රහිත විය යුතුය.
6.පාසල ආරම්භයට විනාඩි 20ට වත් කලින් පාසලට පැමිණිය යුතුය.
7.පාසලේ නිල ඇදුමින් පෞද්ගලික පන්ති හෝ වෙනත් බාහිර කටයුතු වලට සහභගී නොවිය යුතුය.
8.පාසල් කාලය තුල පාසලින් බැහැර වීම සදහා නියමිත අවසරය ලබා ගත යුතුය.
9.දෙමාපියන්ගේ ලිඛිත අවසරයකින් තොරව වෙනත් කටයුතු සදහා පාසලෙන් බැහැර වීමට අවසර නොලැබේ.
10.පිරිසිදු කිරීම් ඇතුලුව පවරා අති වගකීම් නිසි ලෙස ඉටුකල යුතුය.
11.සිදුවන කවර හෝ කටයුත්තක් පිලිබද පැමිණිලි පළමුව පසලේදී විභාග විය යුතුය.
12.පාසලේ ගෞරවය කීර්තියට හෝ අභිමානයට හානි වන කිසිදු කටයුත්තක නිරත නොවිය යුතුය.
13.පහත සදහන් දෑ පාසලට රැගෙන ඒම තහනම් වේ.
(ඡංගම දුරකථන,සී.ඩී.තැටි,pen drive’MP4/MP5/PLAYERS’S Digitacamera’Memory chips”/අසබ්‍යය ඡායාරූප ,පුවත්පත් සගරා,පොලිතින් ,ප්ලාස්ටික් හා සිසුන්ගේ ඉගෙනීමට අදාල නොවන දෑ )
දෙමව්පියන්ට
1.පන්ති මට්ටමේ සාකච්ඡා /පාසල් සංවර්ධන සමිති වාර සහභාගී වීම අනිවාර්‍ය වේ.
2.ඔබේ දරුවා පාසලට නොපැමිණෙන සෑම විටකදීම ඒ බව ලිඛිතව දැනුම් දිය යුතුය.
3.පාසල් කාලය තුළ ගුරුභවතුන් හමුවීම සදහා පූර්ව අවසරයක් ලබා ගත යුතු අතර පන්තිවල ඉගැන්වීම් කටයුතු වල නිරතව සිටින කිසිම ගුරුභවතෙකු හමුවීමට ඉඩ නොලැබේ.
4.අස්වීම් සහතික/චරිත සහතික හෝ එවැනි රාඡකාරි අවශ්‍යතා සදහා බ්‍රහස්පතින්දා දිනයේදී පමණක් පැමිණිය යුතුය.
5.ශිෂ්‍ය වාර්තා පොත්වල අදාළ පරිදි සෑම පාසල් වාරයකදීම අත්සන යෙදිය යුතුය.
6. 6,7,8,9, ශ්‍රේණිවල සිසුන් අවසාන වාර පරීක්ෂණයේදී ලබාගන්නා ලකුණු වල සාමාන්‍ය 30%ක් නොයික්මන විට නැවත වරක් එම පන්තියේ රැදවීමට එකග විය යුතුය.
7.පාසලේ වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවල සිසු සහභාගීත්වයට බධාවන ලෙස වෙනත් බාහිර කටයුතුවලට යොදා නොගත යුතුය.
8.රාඡකාරීමය අවශ්‍යතාවයන් සදහා පෙරවරු 9.00න් පසු කාර්‍යාලයට පැමිණිය යුතුය.